Wednesday, April 17, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා විස්සයි විස්ස ගැටුමෙන් දකුණු අප්‍රිකාව ප්‍රබලයින් හළයි




ශ‍්‍රී ලංකාව සමග පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලියේදී සිය ප‍්‍රමුඛ පෙළේ ක‍්‍රීඩකයින් කිහිපදෙනෙකුම විවේක ගැන්වීමට දකුණු අප‍්‍රිකාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව දකුණු අප‍්‍රිකානු පන්දුවාර විස්සයි විස්ස කණ්ඩායමේ නිත්‍ය නායක ෆෆ් ඩු ප්ලෙසිස් ද මෙම තරගාවලියට නම්කර නැහැ.

තාවකාලික නායකයා ලෙස නම්කර ඇත්තේ ෆර්හාන් බෙහර්දීන්. 33වන වියේ පසුවන ඔහු පන්දුවාර විස්සයි විස්ස තරග 25කදී දකුණු අප‍්‍රිකාව නියෝජනය කර තිබෙනවා.

ශ‍්‍රී ලංකාව සමග පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය සඳහා කයිල් එබෝට්, හෂීම් අම්ලා, ක්යින්ටන් ඩි කොක්, ඒ.බී. ඩිවිලියස්, ජේ.පී. ඩුමිනි, ක‍්‍රිස් මොරිස්, කගීසෝ රාබාඩා, ඬේල් ස්ටේන් සහ ඬේවිඞ් වයිස් යන ක‍්‍රීඩකයින් ද නම්කර නැහැ.

ඔවුන් සඳහා විවේකයක් ලබාදීමේ අදහසින් මෙම තීරණය ගත් බව දකුණු අප‍්‍රිකානු ක‍්‍රිකට් බලධාරීන් ප‍්‍රකාශ කර තිබෙනවා.