Saturday, April 20, 2024

General line - 0115112241

2016 වසරේ දක්ෂතම පාපන්දු ක‍්‍රීඩකයා රොනාල්ඩෝ (VIDEO)




2016 වසරේ ලොව දක්ෂතම පාපන්දු කි‍්‍රඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට පෘතුගාලයේ සුපිරි කී‍්‍රඩක කි‍්‍රස්ටියානෝ රොනොල්ඩෝ ඊයේ (09) සමත් වුණා.

ඒ අන්තර් ජාතික පාපන්දු සම්මේලනය විසින් ස්විට්සර්ලන්තයේ සූරිච් නුවරදී ඊයේ පැවත් වූ සම්මාන උළෙලේදීයි.

එහිදී ආර්ජන්ටිනා සුපිරි ක‍්‍රිඩක ලයනල් මෙසී අභිබවමින් ක‍්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මෙම සම්මානය දිනා ගත්තා.

31 හැවිරිදි ඔහු මේ වන විට රියල් මැඩ්රිඩ් කණ්ඩායමද නියෝජනය කරනවා. අන්තර්ජාතික පාපන්දු සම්මේලනය රන් පාපන්දුව පිරිනැමීම ඉවත් කිරීමෙන් පසු දක්ෂතම පාපන්දු ක‍්‍රීඩකයා තෝරා ගත් ප‍්‍රථම අවස්ථාව මෙය වනවා.

9248b1c5cdecfddf7142689d69265b00fe170b8e 536957-cristiano-ronaldo-afp22 1999598-41987456-640-360 2862922_full-lnd cristiano-ronaldo ororo-wins