Friday, March 29, 2024

General line - 0115112241

මාලිංග හා කියයි – ක්‍රිකට් ආයතනය බෑ කියයි




දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන විස්සයි විස්ස සහ එක්දින තරඟාවලියට සහභාගී වීමේ අවස්ථාව ලසිත් මාලිංගට අහිමි වී තිබෙනවා. ඒ තවමත් ඔහුගේ පාදයේ ආබාධය සුව නොවීම හේතුවෙන්.

එමෙන්ම ඉකුත් මසදී ඩෙංගු උණ රෝගය වැළඳීම නිසා මාලිංගට නිසි ලෙස පුහුණුවීම් සිදු කිරීමට හැකිවුනේ නැහැ. ඒ අනුව ඔහු මෙම තරඟාවලියෙන් ඉවත් කිරීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

මාලිංග ඕස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තරග 3කින් සමන්විත පන්දුවාර 20 ක්‍රිකට් තරඟාවලියට සහභාගිවන බවයි වාර්තාවන්නේ.

කෙසේ වෙතත් මාලිංග පැවසුවේ දකුණූ අප‍්‍රිකානු කණ්ඩායම සමග පැවැත්වෙන විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලියට එක් වීමට තමන් සූදානමින් සිටින බවයි.

සිය ඉදිරි කටයුතු පිළිබඳව ලසිත් මාලිංග මෙලෙස අදහස් දැක්වූවා.

“එක දිගට අවුරුද්දක් දුවන්නෙවත් නැතුව ඉඳලා එක්දින තරඟයක් ක්‍රීඩා කරන්න හරි අමාරුයි. ඒක නිසා මම මුලින් බලාපොරොත්තු වෙනවා T20 තරඟ දෙක ක්‍රීඩා කරලා, ඕස්ට්‍රේලියාවේ T20 තරඟ දෙකක් තියෙනවා ඒකත් ක්‍රීඩා කරලා,  ජූනි , ජූලි මාසවල තියෙනවා ශූරයන්ගේ කුසලාන තරඟාවලිය ඒකට යන්න තමයි බලාපොරොත්තුවෙන් ඉන්නේ. එළඹෙන දකුණූ අප‍්‍රිකානු සංචාරයේ ක්‍රීඩාකරන්නත් මම බලාපොරොත්තු වෙනවා”.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් දිගින් දිගටම ආබාධයට ලක් විමට හේතුවද ලසිත් මාලිංග මෙලෙස පැහැදිලි කළා. එම හඬපටය පහතින් ඇසිය හැකියි.