Friday, April 19, 2024

General line - 0115112241

හිස් මිනිසුන්ගේ බොල් හඬවල් රටට එපා




රටට අවශ්‍යව ඇත්තේ හිස් මිනිසුන්ගේ බොල් හඩවල් නොව යහපත් උගත් සහ දේශපේ‍්‍රමීන්ගේ අවංක හඩත්, නිවැරදි ගමන් මගත් බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. එම ගමන් මගට නායකත්වය ලබාදීමට තමන් සූදානම් බවයි ජනාධිපතිවරයා සදහන් කළේ.

කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ ඊයේ (10) පස්වරුවේ පැවති උත්තමාභි වන්දනා කැප්පෙටිපොළ විරු සැමරුමට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියාසිටියා. බි‍්‍රතාන්‍ය ජාතිකයන් විසින් දේශද්‍රෝහීන් ලෙස නම් කළ වීරකැප්පෙටිපොල මහ දිසාවේ ඇතුළු 19 දෙනෙකුගේ නම් එම ලේඛණයෙන් ඉවත් කළාසේම බි‍්‍රතාන්‍ය ජාතිකයන් දේශද්‍රෝහීන් ලෙස නම් කර ඇති විරුවන් නවසිය අසූ දෙනෙකු එම ලේඛණයෙන් ඉවත් කරන ලෙස ජනාධිපතිවරයා වෙත මෙහිදී සංදේශයක්ද භාර කෙරුණා.

ඒ සම්බන්ධයෙන් ඉතිහාසඥයින්ගෙන් හා විද්වතුන්ගෙන් කරුණු විමසා ගතයුතු පියවර ගන්නා බවද ජනාධිපතිවරයා පැවසුවා.

වර්තමානයේ පවතින ප‍්‍රශ්න විසදිය හැක්කේ කඩුවෙන් හෝ ගිනිඅවිවලින් නොව දැනුමෙන් සහ බුද්ධියෙන් ඒවාට මුහුණදීමෙන් බවද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කළා.

ජනාධිපතිවරයා විසින් දේශපේ‍්‍රමීන් බවට ඔසවා තබමින් පසුගියදා නිවේදනය කරන ලද කැප්පෙටිපොල මහදිසාවේ ඇතුළු වීරවරයන්ගේ නම් ඇතුළත් ඵලකයක් මතු පරපුරේ දැන ගැනීම සදහා ජාතික කෞතුකාගාරයට සහ මහනුවර ශී‍්‍ර දළදා මාළිගාවේ කෞතුකාගාරය වෙත භාරදීමද මෙහිදී සිදු කෙරුණා.