Friday, April 26, 2024

General line - 0115112241

මොරගහකන්දට මංගල දියවර නිකුත් කෙරේ (PHOTOS)




මොරගහකන්ද ජලාශයට මංගල දියවර නිකුත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සිදු කෙරුණා.

මහා සංඝරත්නයේ සෙත් පිරිත් සඡ්ඡායනා මැද උදැසන 9.30 පමණ ජනාධිපති මෛතී්‍රපාල සිරිසේන මහතා විසින් ජලාශයට මංගල දියවර මුදාහැරීම සිදුකරනු ලැබුවා. මෙම අවස්ථාවට අමාත්‍ය දුමින්ද දිසානායක, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක ඇතුළු මැතිඇමතිවරුන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියා.

මෙම ව්‍යාපෘතිය මගින් දිවයිනේ පළාත් කිහිපයක ගොවිබිම් වෙත ජලය සැපයීමට නියමිතයි.

මාතලේ, කුරුණෑගල, ති්‍රකුණාමලය, පොළොන්නරුව සහ අනුරාධපුර දිස්ති්‍රක්කවල ගොවිජනතාවට එමගින් ප්‍රතිලාභ හිමි වනවා. රජරට ප්‍රදේශවලට පිරිසිදු පානීය ජලය සැපයීම මගින් එම ප්‍රදේශයේ වකුගඩු රෝගයට විසදුමක් ලබාදීමද ව්‍යාපෘතියෙන් අපේක‍ෂා කෙරෙන තවත් ප්‍රතිලාභයක් වනවා.

unnamed-1 unnamed-2 unnamed-3 unnamed-4 unnamed-5 unnamed-6 unnamed-7 unnamed-8 unnamed-9 unnamed-10 unnamed