Tuesday, April 23, 2024

General line - 0115112241

ලංකාවට GSP+ දෙන්න යුරෝපා කොමිසමෙන් යෝජනාවක්




ශ‍්‍රී ලංකාවට ජී.එස්.පී. ප්ලස් සහනය ලබාදීම සඳහා යුරෝපා කොමිසම යුරෝපා සංගමය වෙත අද (11) යෝජනා කර තිබෙනවා.

ඒ, මානව හිමිකම්, කම්කරු නීතිය, පරිසර සංරක්ෂණය සහ යහපාලනය යන විෂයන් යටතේ ජාත්‍යන්තර සම්මුතීන් 27ක් බලාත්මක කිරීමට සහ කි‍්‍රයාවට නැංවීමට ශ‍්‍රී ලංකාවේ එකඟතාව සැලකිල්ලට ගනිමින්.

කෙසේ වෙතත් ශ‍්‍රී ලංකාවට ජී.එස්.පී. ප්ලස් සහනය ලැබීමට නම් යුරෝපා කොමිසමේ මෙම යෝජනාව යුරෝපා සංගමයේ සාමාජික රටවල් සහ යුරෝපා පාර්ලිමේන්තුව විසින් අනුමත කළ යුතු වනවා.

මෙම කාර්යය පටිපාටිය සඳහා ආසන්න වශයෙන් මාස 4ක පමණ කාලයක් ගතවනු ඇති බවයි යුරෝපා කොමිසමේ ප‍්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත කියා සිටියේ.

ජී.එස්.පී. ප්ලස් සහනය යටතේ සිදුවන්නේ ශී‍්‍රී ලංකාවෙන් අපනයනය කරන නම් කළ නිෂ්පාදන සමූහයක් යුරෝපා රටවලදී බදුවලින් නිදහස් වීමයි. ඇඟලුම් සහ මත්ස්‍ය නිෂ්පාදන ඒ අතරින් ප‍්‍රධාන වනවා.

ඒ සඳහා යුරෝපා රටවලදී දැනට අය කෙරෙන බද්ද සියයට 66ක්. ජීඑස්.පී. ප්ලස් සහනය යටතේ එම නිෂ්පාදන බදුවලින් නිදහස් වීම නිසා දැනට වඩා අඩු මිලකට ඒවා යුරෝපා රටවල අලෙවි කිරීමට හැකියාව ලැබෙනවා.