Saturday, April 20, 2024

General line - 0115112241

බුද්ධ ප‍්‍රතිමාවලට හානි කළ අය ගැන තොරතුරු රැසක්




ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ ස්ථාන 4ක තිබූ බුද්ධ ප‍්‍රතිමාවලට හානි සිදුකළ පිරිස් සොයා පොලිස් විමර්ශන තවදුරටත් සිදු කෙරෙනවා.

කණ්ඩායම් 8 ක් විසින් මෙම විමර්ශන සිදුකරන බවයි පොලිසිය පැවසුවේ. නැගෙනහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහගේ උපදෙස් මත ත‍්‍රිකුණාමලය නියෝජ්‍ය පොලිස්පති ආර්.ඒ. නිමල් පෙරේරා යටතේ මෙම පොලිස් කණ්ඩායම් 8 කි‍්‍රයාත්මක වනවා.

ඒවා මෙහෙයවනු ලබන්නේ ත‍්‍රිකුණාමලය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් චන්ද්‍රකුමාර විසින්.

ඇතැම් නිලධාරීන් නිල ඇඳුමෙන් ද ඇතැම් නිලධාරීන් සිිවිල් ඇඳුමෙන් ද විමර්ශන සිදුකරන බව පොලිසිය පැවසුවා.

හානියට ලක්වූ බුද්ධ ප‍්‍රතිමාවලට සමීපව සවිකර තිබූ සී.සී.ටීවී කැමරාවල දර්ශන ද විමර්ශනයට ලක්කරන බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ.

හානි සිදුකළ පිරිස් පිළිබඳ වැදගත් තොරතුරු රැසක් දැනටමත් අනාවරණ වී ඇතැයි ද ප‍්‍රකාශ කෙරුණා.