Friday, March 29, 2024

General line - 0115112241

පසුගිය රජය ඇති කළ තත්ත්වය ගැන ජනපති මතක් කරයි




වත්මන් රජයට කුමන ආකාරයේ චෝදනා එල්ල කළද රටේ ආර්ථික අර්බුදයක් මතුව ඇත්නම් ඒ ඉකුත් දෙවසර තුළ ඇතිවූ තත්ත්වයක් නොව පසුගිය රජය නිර්මාණය කළ මහා ණය බරත් සමග මතුවූ තත්ත්වයක් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.

අද එම ප‍්‍රශ්නය විසදීමේ වගකීම තමන් ප‍්‍රමුඛ වත්මන් රජය භාරගෙන ඇති බව ප‍්‍රකාශ කළ ජනාධිපතිවරයා, කුමන අභියෝග හමුවේ වුවද භාරගත් එම වගකීම නිසි ලෙසම ඉටු කරම්න් මේ රට සමෘද්ධිමත් දේශයක් ලෙස ගොඩනැගීමේ කාර්ය ජනතාව සමග එක්ව නොපිරිහෙළා ඉටුකරන බවයි අවධාරණය කළේ.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ අද (11) පෙරවරුවේ මොරගහකන්ද ජලාශයට මංගල දියවර මුදාහැරිමේ උත්සවයෙන් අනතුරුව ඇළහැර මහා විද්‍යාලයීය කි‍්‍රඩාංගණයේ පැවති ජන හමුව අමතමින්.

මේ අතර මෙරට වාරි ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් මෙරට ඉදිවන දිගම වාරි ඇළ වන ඉහළ ඇලහැර ඇළට මංගල පස් පිඩැල්ල කැපීම ද ජනාධිපති අතින් සිදු වුණා.

රටේ කාලගුණික සහ දේශගුණික තත්ත්වයත් සමග අද  බරපතළ නියගයකට මුහුණදීමට සිදුව ඇති නමුත් ජනතාව කුසගින්නේ තැබීමට රජය සූදානම් නොමැති බවත් ඉතා ඉක්මණින් පිටරටින් සහල් ගෙන්වා අඩු මිලට ජනතාවට අවශ්‍ය සහල් ලබාදීමට රජය තීන්දු කර තිබෙන බවත් ජනාධිපතිතුමා කියා සිටියා.

මේ අතර මොරගහකන්ද සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් ඉඩම් අහිමි වූ ජනතාව නැවත පදිංචි කරවීම යටතේ ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයද අද පෙරවරුවේ ඇළහැර මහා විද්‍යාලයීය ක්‍රිඩාංගණයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

01 02 03 04 05 06 07 08 09 10 11 12 13 14 15