Wednesday, April 24, 2024

General line - 0115112241

විමල්ට කොට්ටයක් සහ මෙට්ටයක්




රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශට මෙට්ටයක් සහ කොට්ටයක් ලබාදීමට බන්ධනාගාර නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ඒ, අද (11) උදෑසන මන්ත‍්‍රීවරයාගේ සෞඛ්‍ය තත්ත්වය විමසා බැලු වෛද්‍යවරයෙකුගේ නිර්දේශයකට අනුවයි.

මන්ත‍්‍රීවරයාට කොන්ද ප‍්‍රදේශයේ ආබාධයක් ඇතැයි එම වෛද්‍යවරයා තහවුරු කර තිබෙනවා.

විමල් වීරවංශ මන්ත‍්‍රීවරයා වෙනුවෙන් නිවසින් ආහාර රැගෙන ඒමට ද බන්ධනාගාර නිලධාරීන් අවසර ලබා දී ඇති බවයි නෙත් නිවුස් වෙත මීට පෙර වාර්තා වුණේ.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද දිනයේ ද මැගසින් බන්ධනාගාරයට පැමිණ විමල් වීරවංශ මන්ත‍්‍රීවරයාගේ සුවදුක් විමසා තිබෙනවා. මන්ත‍්‍රීවරයා රඳවා සිටින්නේ එම බන්ධනාගාරයේ ‘ඊ’ වාට්ටුවේයි.