Thursday, April 25, 2024

General line - 0115112241

ඊ. සමන් හිරෙන් පනී




නඩු දෙකකින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ කොළඹ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවූවෙකු කොළඹ ජාතික රෝහලේ අක්ෂි සායනයකදී පලාගොස් තිබෙනවා.

මෙම රැඳවූවා ඊ. සමන් නමැත්තෙක්. මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් ඔහුට එරෙහි තවත් නඩු කිහිපයක් විභාග වෙමින් ද පවතිනවා.

එම රැඳවූවා ඇතුළු 23 දෙනෙකු විවිධ සායන සඳහා කොළඹ ජාතික රෝහල වෙත අද (11) පෙරවරුවේ රැගෙන ගොස් ඇති බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

ඔවුන් සමග ජේලර්වරුන් දෙදෙනෙකු සහ බන්ධනාගාර නියාමකවරුන් 11 දෙනෙකු ද ගොස් තිබෙනවා. පලාගොස් තිබෙන ඊ. සමන් නමැත්තා සහ තවත් රැඳවූවෙකු අක්ෂි සායනය වෙත රැගෙන ගොස් ඇත්තේ මෙම නිලධාරීන්ගෙන් දෙදෙනෙකුගේ ආරක්ෂාව යටතේයි.

ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ රැඳවූවෙකු කිසියම් ස්ථානයකට රැගෙන යාමේදී නිලධාරීන් ගිනිඅවියක් රැගෙන යාම සාමාන්‍යයෙන් සිදුවනවා. එහෙත් ඊ. සමන් සහ අනෙක් රැඳවූවා සමග ගිය නිලධාරීන් දෙදෙනා ගිනිඅවියක් රැගෙන ගොස් නොමැති බවයි වාර්තා වුණේ.