Friday, July 28, 2017
Hotline - 0770586666

හම්බන්තොට සටන සැබෑ ජනතා සටනක්

8254Views

 

හම්බන්තොට පවතින්නේ පක්ෂ භේදයෙන් තොර සැබෑ ජනතා සටනක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එහි ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මේ බව සඳහන් කළේ වත්තල හේකිත්ත ප‍්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්.

එහිදී ඔහු සඳහන් කළේ “හම්බන්තොට තියෙන්නේ සැබෑ ජනතා සටනක්. ඒකට පක්ෂ භේදයක් නැහැ. ඒකෙදි අපේ පක්ෂයේ අයත් අත්අඩංගුවට පත් වෙලා තියෙනවා. දැනටත් බොහෝ අයට සිතාසි දීලා තියෙනවා. කොහොම වුණත් ඒ ජනතා සටනේ අපිත් ඉන්නවා. ඒ සටන මර්ධනය කරන්න මේ ආණ්ඩුව පොලිසිය, නිළ නොවන හමුදාව, මැරයෝ යොදා ගන්නවා.” යනුවෙනි.