Thursday, April 18, 2024

General line - 0115112241

ආණ්ඩුව 2030 තෙක් යන බව එජාපයෙන් කියයි




කුමන විවේචන ඉදිරිපත් වුවද වත්මන් සම්මුති ආණ්ඩුව 2030 වන තෙක් පවතිනු ඇතැයි එක්සත් ජාතිත පක්ෂ නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ පවසනවා.

ආණ්ඩුවේ ප‍්‍රධාන පාර්ශ්වකරුවන් වන එක්සත් ජාතික පක්ෂයේ සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් වරින්වර එකිනෙකාට දොස් නගා ගත්ත ද එම පක්ෂ දෙකේ නායකයින් ඉතා හොඳ අවබෝධයකින් කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

ඊයේ (11) රාත‍්‍රීයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්.එම්. අන්ලිමිටඩ් වැඩසටහනේදී මෙම අදහස් පළ කෙරුණා.

ආණ්ඩු විරෝධීව කටයුතු කරන මහජන නියෝජිතයින්ට ද නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මෙහිදී ආරාධනයක් කළා.

(එම සම්පූර්ණ සාකච්ඡාව පහතින් දැක්වෙයි)