Thursday, April 25, 2024

General line - 0115112241

කාසියේ වාසිය යළිත් අවාසියට – දකුණු අප්‍රිකාව දැන් පිටියට (UPDATE)




ශ‍්‍රී ලංකා දකුණු අප‍්‍රිකා ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ තුන්වන සහ අවසන් තරගය මීට සුළු මොහොතකට පෙර ආරම්භ වුණා.

දකුණු අප‍්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර නිව් වොන්ඩර්ස් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකාව පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

මෙම තරගාවලිය 2-0ක් ලෙස දකුණු අප්‍රිකාව මේ වන විටත් ජයගෙන අවසන්.


ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා අවසන් ටෙස්ට් තරගය අද

Jan 12, 2017 @ 06:50

ශ‍්‍රී ලංකා – දකුණු අප‍්‍රිකා ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ තුන්වන සහ අවසන් තරගය අද (12) ආරම්භ වනවා.

මෙම තරගය පැවැත්වෙන්නේ දකුණු අප‍්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර නිව් වොන්ඩර්ස් ක‍්‍රීඩාංගණයේදීයි.

දෙපිල අතර පැවති පළමු තරග දෙකම දකුණු අප‍්‍රිකාව ජයගත්තා. මේ නිසා සිය අභිමානය රැකගැනීම සඳහා අද ආරම්භ වන තරගය ශ‍්‍රී ලංකාවට ඉතා වැදගත් වන බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ.

දකුණු අප‍්‍රිකානු ක‍්‍රීඩක හෂීම් අම්ලා මෙම තරගය සඳහා සහභාගි වුවහොත් එය ඔහු සහභාගි වන 100වන ටෙස්ට් තරගය වීම ද විශේෂත්වයක් වනවා.