Thursday, April 25, 2024

General line - 0115112241

ශ‍්‍රීපාද වන්දනාකරුවන්ට පණිවුඩයක්




වෙනදාට වඩා වැඩි සීතලක් මේ දිනවල ශ‍්‍රීපාදයේ පවතින බව ශ‍්‍රීපාද උඩමළුවේ භාරකාර පූජ්‍ය දොරපනේ සුමනජෝති හිමියන් පෙන්වා දෙනවා.

ඒ අනුව මේ දිනවල ශ‍්‍රීපාද වන්දනාවට පැමිණීමේදී අධික සීතලට ඔරොත්තු දෙන ආකාරයේ කබායක් රැගෙන එන්නේ නම් වඩාත් සුදුසු බවද ශ‍්‍රීපාද උඩමළුවේ භාරකාර පූජ්‍ය දොරපනේ සුමනජෝති හිමියන් සඳහන් කළා.

කෙසේවෙතත් පවතින සීතල කාලගුණික තත්ත්වය වන්දනාමාන කටයුතු සඳහා බාධාවක් නොමැති බවත් පැවසුවා.

ශ‍්‍රී පාද වන්දනාවට පැමිණෙන්නන් වෙනුවෙන් විශ‍්‍රාම ශාලා සහ දන්සැල් ඇතුළු සියලූ පහසුකම් තවදුරටත් නොඅඩුව සම්පාදනය කරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.