Friday, March 29, 2024

General line - 0115112241

විමල් සිල් ගත් හැටි




රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මැගසින් බන්ධනාගාරයේදී අද සිල් සමාදන් වුණා.

උදෑසන 7.00 ට පමණ මන්ත‍්‍රීවරයා අෂ්ඨාංගශීලය සමාදන් වූ බවයි බන්ධනාගාර ආරංචි පවසන්නේ.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදී ඇඳ සිටි ඇඳුමම ඔහු සිල් ගැනීම සඳහා ද ඇඳ සිටිනවා. උතුරු සළුව බන්ධනාගාරයෙන් ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මැගසින් බන්ධනාගාරයේ තවත් රැඳවූවන් 65 දෙනෙකුට වැඩි පිරිසක් ද අද සිල් සමාදන් වී සිටිනවා.

ඔවුන් වෙනුවෙන් ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡා වැනි වැඩසටහන් සංවිධාන කර තිබෙන බවයි බන්ධනාගාර ආරංචි වැඩිදුරටත් කියා සිටියේ. සියලු පිංකම් මැගසින් බන්ධනාගාරය තුළ පිහිටුවා ඇති විහාරස්ථානයේදී සිදු කෙරෙනවා.