Thursday, April 25, 2024

General line - 0115112241

තමන්ගේම නඩුවෙන් වසීම් අක්‍රම්ට වරෙන්තු




පාකිස්තානයේ හිටපු ක‍්‍රිකට් නායකයෙකු මෙන්ම දේශපාලන කි‍්‍රයාකාරිකයෙකුද වන වසීම් අක‍්‍රම් වහාම අත්අඩංගුවට ගන්නැයි එරට අධිකරණයක් විසින් වරෙන්තු නිකුත් කර තිබෙනවා.

වසීම් අක‍්‍රම්ට මෙම වරෙන්තුව නිකුත් කර ඇත්තේ ඔහු විසින්ම ගොනු කරන ලද නඩුවකට අවස්ථා 31 කදී පෙනී නොසිටීම හේතුවෙන්.

ඉකුත් අගෝස්තු මාසයේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් විශ‍්‍රාමික මේජර්වරයෙකුට එරෙහිව වසීම් අක‍්‍රම් මෙම නඩුව පවරා තිබෙනවා.

වසීම් අක‍්‍රම් ගමන් කළ මෝටර් රථයේ විශ‍්‍රාමික මේජර්වරයාට අයත් වාහනයක් ගැටීමෙන් අදාළ අනතුර සිදුව ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

කෙසේ වෙතත් වසීම් අක‍්‍රම් සිය පවුලේ සාමාජිකයින් සමග මේ දිනවල ඔස්ටේ‍්‍රලියාවේ සංචාරයක නිරතව සිටින බවද විදෙස් වාර්තාවල සඳහන් වනවා.