Wednesday, April 24, 2024

General line - 0115112241

හෂීම් අම්ලා 100යි – ලංකාවට එරෙහි තරගයෙන් වාර්තා පොතේ පිටු පෙරළයි




ටෙස්ට් තරග සියයකට සහභාගි වූ 08වන දකුණු අප‍්‍රිකානු ක‍්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක් වීමට හෂීම් අම්ලා අද සමත් වුණා.

ඒ, සංචාරක ශ‍්‍රි ලංකා කණ්ඩායමට එරෙහිව අද ආරම්භ වූ තුන්වන ටෙස්ට් තරගයට ක‍්‍රීඩා කරමින්.

හෂිම් අම්ලා මේ වන විට ටෙස්ට් ලකුණු 7665ක් රැස් කරගෙන සිටිනවා.

ශතක 25ක් සහ අර්ධ ශතක 31ක් ඊට ඇතුළත්.

ජැක් කලිස්, මාක් බව්චර්, ග‍්‍රැහැම් ස්මිත්, ෂෝන් පොලොක්, ඒ බී ඩිවිලියස්, ගැරී කර්ස්ටන් සහ මකායා නිට්නි මිට පෙර දකණු අප‍්‍රිකාව වෙනුවෙන් ටෙස්ට් තරග සියයක් හෝ ඊට වැඩි තරග සංඛ්‍යාවකට තරග කර තිබෙනවා.

257072