Friday, March 29, 2024

General line - 0115112241

සෞදියේදී ජැක්ලින්ට ‘නොලැබුණු දේ’ මවුබිමේදී හිමිවේ




සෞදි අරාබියේ රියාද් නුවර වසර දෙකක් වැටුප් රහිතව සේවය කල කාන්තාවකට විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් හිඟ මුදල් ප්‍රධානය කිරීම සිදුවුණා.

ඒ කිලිනොච්චිය, පුනරින් ප‍්‍රදේශයේ පදිංචි සෙල්ලතුරෙයි ජැක්ලින්ටයි.

තිස් හැවිරිදි එක් දරු මවක වන ජැක්ලින් මහත්මිය ගෘහ සේවිකාවක් ලෙස 2013 වර්ෂයේදී විදේශ ගතව තිබෙනවා.

එහිදී ඇය සේවය කල නිවසේ හාම්පුතුන් විසින් ඇය සේවය කල පළමු වසර තුළදී ඇයගේ වැටුප් ලබාදී ඇතත් දෙවන වසරේ සිට ඇයට වැටුප් ලබා දී නැති බවයි කාර්යාංශය සඳහන් කළේ.

ඇය ඒ පිළිබඳව රියාද් හි පිහිටි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයට හා ඥාතීන් මගින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිලි කර තිබෙනවා.

එහි ප‍්‍රතිඵලයක් ලෙස තානාපති කාර්යාලය මගින් එරට කම්කරු උසාවියේ නඩු පවරා ජැක්ලින් මහත්මියගේ හිග වැටුප වූ සෞදි රියාල් 17000ක් එනම් ශ‍්‍රී ලංකා මුදලින් රුපියල් හය ලක්‍ෂ හැත්තෑ හත්දහස් එකසිය හැට හතක් ඇයගේ හාම්පුතුන්ගෙන් ලබා ගැනීමට සමත් වී තිබෙනවා.

ඇය දිවයිනට පැමිණි දිනයේම හිඟ වැටුප් සහිත චෙක්පත විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති ආර්.කේ.ඔබේසේකර  අතින් ලබා ගනු ලැබුවා.

IMG_8491