Friday, March 29, 2024

General line - 0115112241

සියයේ සියයෙන් අම්ලා ලෝකෙන්ම 8 වෙයි




සියවැනි ටෙස්ට් තරගයේ දී ශතකයක් වාර්තා කළ ලොව 08 වන ක්‍රීඩකයා ලෙස දකුණු අප්‍රිකානු පිතිකරු හෂීම් අම්ලා ඊයේ වාර්තා පොත් අතරට එක්වුණා.

ඒ, ජොහැන්නස්බර්ග් නුවර දී ඊයේ ආරම්භ වූ තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ශතකයක් වාර්තා කරමින්.

සිය පළමු ඉණිම ක්‍රීඩා කරන දකුණු අප්‍රිකානු කණ්ඩායම ඊයේ තරගය නිමා වනවිට කඩුලූ තුනක් දැවී ලකුණු 338 ක් ලබා සිටියා.

හෂීම් අම්ලා නොදැවී ලකුණු 125 යි. ෙජ්. පී. ඩුමිනි ලකුණු 155 කට දැවී ගියා. ඔවුන් දෙදෙනා තුන්වන කඩුල්ලට ලකුණු 292 ක සබදතාවක් එක් කළා.

එය වාර්තා වූයේ ශ්‍රී ලංකාවට එරෙහිව දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් දෙනෙකු තුන්වන කඩුල්ලට එක් කළ හොදම සබදතාව ලෙසටයි.

පන්දු යැවීමේ දී ලහිරු කුමාර කඩුලූ දෙකක් සහ ඇන්ජලෝ මැතිව්ස් එක් කඩුල්ලක් දවා ගත්තා. අද තරගයේ දෙවන දිනයයි.