Saturday, April 20, 2024

General line - 0115112241

කිවියන්ට අමතක නොවන පාඩමක් කියා දී ශකීබ් හා රහීම් නව වාර්තාවක් පිහිටුවති




ශකීබ් අල් හසන් හා මුෂ්ෆිකර් රහීම් නව බංගලාදේශ වාර්තාවක් පිහිටුවා තිබේ.

ඒ ටෙස්ට් තරඟ වලදී බංගලාදේශය වෙනුවෙන් ඕනෑම කඩුල්ලකට වාර්තාකළ හොඳම පිතිකරණ සම්බන්ධතාවය පවත්වමින්.

නවසීලන්තය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේදී සිව්වන කඩුල්ල වෙනුවෙන් ඔවුන් දෙදනා නොදැවී ලකුණු 343ක සම්බන්ධතාවක් මේ වන විට පවත්වා තිබේ..

බංගලාදේශ කණ්ඩායම මේ වන විට කඩුලු 4 දැවී ලකුණු 503ක් රැස්කරගෙන සිටින අතර නොදැවී ක්‍රීඩකාරන ශකීබ් අල් හසන් ලකුණු 191ක්ද,මුෂ්ෆිකර් රහීම් ලකුණු 157ක්ද රැස්කරගෙන සිටී.