Thursday, March 28, 2024

General line - 0115112241

ලංකාවේ ආගමන විගමන නීති වෙනස් කෙරේ – වසර පහක කාලයකට එන අලුත් නීතිය මෙන්න



වැඩි වශයෙන් විදේශීය ආයෝජන සිදුකරන තනි පුද්ගලයන් සඳහා වීසා නිකුත් කරන ක්‍රමවේදයේ වෙනසක් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ,ඇමෙරිකානු ඩොලර් ලක්ෂ තුනකට අධික විදේශීය ආයෝජන සිදු කරන පුද්ගලයන් සඳහායි.

ඔවුන් සඳහා මෙරට තුළ වසර පහක කාලයක් රැඳී සිටීමට වීසා නිකුත් කරන බවයි මුදල් අමාත්‍යංශය පවසන්නේ.

ඒ අනුව මෙම තීරණය 2017 අයවැය යෝජනාවේ තිබූ විදේශීය ආයෝජන සඳහා පහසුකම් සැපයීම සම්බන්ධ කරුණ ක්‍රියාවට නැංවීමක් බවයි වාර්තා වන්නේ.

අදාළ නීතිය තවත් සති කිහිපයක් තුළ නීතිගත කිරීමට නියමිතයි.