Friday, April 26, 2024

General line - 0115112241

ආධුනික සෙබළුන්ගේ විසිර යාමේ උළෙල ජනපති ප්‍රධානත්වයෙන්




ගුවන් හමුදා කැඩෙට් නිලධාරින් අධිකාරියට පත්වීමේ සහ ආධුනිකයින්ගේ විසිර යාමේ උළෙල ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) පෙරවරුවේ පැවැත්වුණා. ඒ ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යා පීඨයේදීයි.

අද පෙරවරුවේ ත්‍රිකුණාමල චීන වරාය විද්‍යාපීඨය වෙත පැමිණි ජනාධිපතිතුමා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා ඇතුළු ගුවන් හමුදා ප්‍රධානින් විසින් පිළිගත් අතර ජනාධිපතිවරයා වෙත ආචාර පුදකරමින් උත්තමාචාර පෙළපාළියක් ද පැවැත්වුණා.

මෙම පාඨමාලාවන්හි සුවිශේෂි දක්ෂතා දැක්වූ කැඩෙට් නිළධාරි නිළධාරිණියන් හා ආධුනික ගුවන් භට, ගුවන් කාන්තාවන් හට විශේෂ සම්මාන ප්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු, ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති, ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨාධිපති එයාර් වයිස් මාර්ෂල් පී.ඩී.කේ.ටී. ජයසිංහ යන මහත්වරුන් ඇතුළු ත්‍රිවිධ හමුදා ප්‍රධානින් මෙම අවස්ථාවට එක්ව සිටියා.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17