Saturday, April 20, 2024

General line - 0115112241

ශකිබ් අල් හසන් වාර්තා අතරට (PHOTOS)




බංග්ලාදේශය වෙනුවෙන් ටෙස්ට් ඉනිමකදී ඉහළම ලකුණු සංඛ්‍යාව රැස්කළ පිතිකරුවා ලෙස වාර්තා අතරට එක්වීමට ශකිබ් අල් හසන් අද (13) සමත් වුණා.

ඒ, සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 217ක් රැස්කරමින්.

පන්දු 236ක් පුරා විහිද ගිය ඔහුගේ ඉනිමට හතරේ පහර 31ක් ඇතුළත් වුණා. මෙය බංග්ලාදේශ පිතිකරුවෙකු වාර්තා කළ 3වන ටෙස්ට් ද්විත්ව ශතකය වීම ද විශේෂත්වයක්.

තරගයේ දෙවන දිනය නිමා වන විට බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 7ක් දැවී ලකුණු 542ක් රැස්කර සිටියා. මුස්ෆිකර් රහීම් ලකුණු 159ක් රැස්කිරීම ද විශේෂත්වයක්.

257566 257564 257561 257559 257557 257556