Friday, April 19, 2024

General line - 0115112241

“අදම විසඳුමක් නැත්නම් ආණ්ඩුවෙන් අස් වෙනවා..මහින්දගෙන් විසඳුමක් ගේනවා ” – නියෝජ්‍ය ඇමති දැඩි තීරණයක



සිය ඉල්ලීම්වලට අද (29) දවස ඇතුළත යහපත් ප‍්‍රතිචාර නොලැබුණහොත් යහපාලන ආණ්ඩුවෙන් ඉවත් වන බව නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා පවසනවා.

 

ඔහු ඒ බව පැවසුවේ මතුගම කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට උපවාසයක යෙදී සිටියදී මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින්.

 

සිසුන් දස දෙනෙකු මීගහතැන්න ප‍්‍රාථමික විද්‍යාලයට ඇතුළත් කරගන්නැයි බලකරමින් මෙම උපවාසය සිදුකෙරෙනවා. හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ යහපාන ආණ්ඩුවෙන් ජනතාවට සළකන්නේත් මෙහෙමද යන්නයි.

 

වැඩි දුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා “යහපත් ප‍්‍රතිචාර නොලැබුණහොත් යහපාලන ආණ්ඩුවෙන් ඉවත් වනවා පමණක් නොවෙයි යහපාලන ආණ්ඩුවට එරෙහිවත් ක්‍රියාමාර්ග ගන්නවා. රටේ ආඩම්බරකාර තාත්තා මහින්ද මහත්තයානෙ. එතුමට කියලා හරි මේකට විසඳුමක් හොයා ගන්නවා”. යනුවෙන්ද පැවසුවා.