Tuesday, April 16, 2024

General line - 0115112241

කකුලෙන් අදින පිරිසක් ගැන අධ්‍යාපන ඇමතිගෙන් හෙළිදරව්වක්




අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය වෙනුවෙන් තීරණාත්මක වෙනස්කම් සිදු කිරීමට ගන්නා තීන්දු තීරණ ප්‍රමාද කිරීමට හා ඒ සඳහා බාධා ඇති කිරීමට ඇතැම් පිරිස් උත්සාහ ගන්නා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.

අද (13) පෙරවරුවේ ජයවර්ධනපුර (පිරිමි) මහා විද්‍යාලයේ පැවති ආදර්ශ සුහුරු පන්ති කාමරය විවෘත කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළා.

මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් ක‍‍‍ළේ තමන් එවැනි ක්‍රියා මගින් අධෛර්යට පත් නොවී කෙසේ හෝ පාසල් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ගන්නා තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදන බවයි.

වෙනස් වෙමින් පවතින නවීන ලෝකය සමග අධ්‍යාපන ක්‍රමය යාවත්කාලීන කිරීමේ අභියෝගයට මුහුණ දීම සඳහා පාසල් ශිෂ්‍ය ප්‍රජාව සවිබල ගැන්වීම වෙනුවෙන් නියමු ව්‍යාපෘතියක් ලෙස තෝරාගත් පාසල් 25 ක ‘සුහුරු පන්ති කාමර’(Smart Class Room) ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයාගේ උපදෙස් මත අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

කෝජේන් ආයතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය හර්ෂ සුබසිංහ මහතාගේ දායකත්වය මත විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ද මැදිහත් වීමෙන් ජයවර්ධනපුර (පිරිමි) මහා විද්‍යාලයේ ඉදි කළ මෙම ආදර්ශ සුහුරු පන්ති කාමරය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ්කාරියවසම්ගේ සුරතින් සිසු අයිතියට පත් කෙරුණා.

මෙම උත්සව අවස්ථාවට නියෝජ්‍ය විදේශ අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි, කෝජේන් ආයතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය හර්ෂ සුබසිංහ ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.DSC_1108 DSC_1153 DSC_1177 DSC_1207 DSC_1213 DSC_1240 DSC_1267 DSC_1284 DSC_1292 DSC_1303 DSC_1324 DSC_1339 DSC_1358 DSC_1363 DSC_1375 DSC_1396