Tuesday, April 16, 2024

General line - 0115112241

ගායන ශිල්පී දීපාල් සිල්වාගේ අවසන් කටයුතු හෙට පස්වරුවේ




අභාවප‍්‍රාප්ත ගායන ශිල්පී දීපාල් සිල්වා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (15) පස්වරුවේ සිදු කෙරෙනවා. ඒ, කැලණිය පිලපිටිය පොදු සුසාන භූමියේදීයි.

අද (14) අලුයම අභාවප‍්‍රාප්ත වූ ඔහුගේ දේහය අද පස්වරුවේ සිට කිරිබත්ගොඩ මාකොළ පාරේ පිහිටි නිවසේ තැන්පත් කර තැබෙනු ඇති.

රෝගාතුරව සිටි දීපාල් සිල්වා මහතා රාගම රෝහලේ දී අභාවප‍්‍රාප්ත වනවිට පනස් වන වියේ පසු වුණා.

පොඩි ළමයා යන අන්වර්ථ නාමයෙන් ප‍්‍රසංග වේදිකාවේ ගී ගැයූ ඔහු අතිශය ජනප‍්‍රියත්වයට පත්වුණා.

සමාජයේ කතාබහට ලක්වන මාතෘකා ඔස්සේ ඔහු ගැයූ ගී ප‍්‍රසංග වේදිකාවේ ඉමහත් ජනාදරයට පාත‍්‍රවීම ද විශේෂත්වයක්.

16003193_1407906362552689_2888027030975654906_n