Wednesday, April 17, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකාව අසීරු අඩියක




දකුණු අප‍්‍රිකාව සමග පැවැත්වෙන තුන්වන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දී ද ශ‍්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට අසීරු අඩියක පසුවනවා. ඒ, ශ‍්‍රී ලංකා දෙවන ඉණිමේ කඩුලු හයක් ලකුණු 124 ක් තුළ බිඳ වැටීමත් සමගයි.

තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් දකුණු අප‍්‍රිකාව රැස් කළ ලකුණු 426ට පිළිතුරු ලෙස ශ‍්‍රී ලංකාවට පළමු ඉණිමේදී රැස්කර ගත හැකි වූයේ ලකුණු 131 ක් පමණයි.

ඒ අනුව පිට පිට දෙවන ඉණිම වෙනුවෙන් පන්දුවට පහරදීමට ශ‍්‍රී ලංකා පිලට සිදු වුණා. ඉණිමක පරාජයෙන් බේරීම සඳහා ශ‍්‍රී ලංකාව තවත් කඩුලු හතරක් පමණක් අතැතිව ලකුණු 171 ක් රැස්කර ගත යුතුයි.

ශ‍්‍රී ලංකා දෙවන ඉණිම වෙනුවෙන් දිමුත් කරුණාරත්න ලකුණු 50 ක් රැස් කළා. කුෂල් මෙන්ඩිස් ලකුණු 24 යි. සෙසු කිසිදු ක‍්‍රීඩකයෙකුට තේ පානය සඳහා තරගය නතර කරන විට ලකුණු 10 සීමාව පසුකර යාමට හැකිව තිබුණේ නැහැ. දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරග දෙකේම ජය හිමිවූයේ ද දකුණු අප‍්‍රිකාවටයි.