Friday, April 19, 2024

General line - 0115112241

ආණ්ඩුවේ ඉදිරිය ගැන ජනපති කතා කරයි




රට ගොඩනැගීමේ උතුම් පරමාර්ථය උදෙසා සම්මුතිවාදී ආණ්ඩුව යන ගමන ඉදිරියටම යන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ඒ, උතුම් පරමාර්ථය උදෙසා තමන් සහ අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු සම්මුතිවාදී ආණ්ඩුව කැපවී සිටින බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ. ඒ, ගාල්ලේ අද (14) පැවති නිල මෙහෙවන ජනපති ජනතා සේවයේ සමාප්ති උත්සවය අමතමින්.

මෙම අවස්ථාවට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ද එක්ව සිටියා. ඔහු කියා සිටියේ දකුණු ආසියාවේ ප‍්‍රධානතම සංචාරක කලාපයක් ලෙස ගාල්ල දියුණු කරන බවයි.

ගාලූ නගරයට අලූතින් කර්මාන්ත කලාපයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ද අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

ගාල්ල දිස්ත‍්‍රික්කයේ ක‍්‍රියාත්මක වූයේ නිල මෙහෙවර වැඩසටහනේ දෙවන අදියරයි. එහිදී ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 19 ආවරණය වන පරිදි එක්ලක්ෂ තිස්හත් දහස් හයසිය අසූ එකක් වූ ගැටළු සඳහා විසඳුම් ලබාදීමට හැකි වුණා.

01 02 03 04 05 06 07 08 09 10 11 12 13 14 15 16 17 18 19 20 21