Saturday, April 20, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකාවට එරෙහි තුන්වන ටෙස්ට් ක‍්‍රිකට් තරගයත් දකුණු අප‍්‍රිකාව ජයගනියි




ශ‍්‍රී ලංකාව සමග පැවතිතුන්වන ටෙස්ට් ක‍්‍රිකට් තරගය ද ජය ගැනීමට දකුණු අප‍්‍රිකාව අද සමත් වුණා. ඒ, ඉණිමකින් සහ ලකුණු 118කින්.

තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් දකුණු අප‍්‍රිකාව රැස් කළ ලකුණු 426ට පිළිතුරු ලෙස ශ‍්‍රී ලංකාවට පළමු ඉණිමේදී රැස්කර ගත හැකි වූයේ ලකුණු 131 ක් පමණයි.

ඒ අනුව පිට පිට දෙවන ඉණිම වෙනුවෙන් පන්දුවට පහරදීමට ශ‍්‍රී ලංකා පිලට සිදු වුණා. ශ‍්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී දෙවන ඉණිමේදී රැස්කර ගත හැකිවූයේ ලකුණු 177 ක් පමණයි.

දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරග දෙකේම ජය හිමිවූයේ ද දකුණු අප‍්‍රිකාවටයි.

257689 257691 257692