Wednesday, April 24, 2024

General line - 0115112241

පැහැරගත් දැරියක් වසර 18කට පසු හමුවෙයි




අමෙරිකාවේ ෆ්ලොරීඩා ප‍්‍රාන්තයේ ජැක්සන්විල් නගරයේ රෝහලකින් සොරකම් කරන ලද අලුත උපන් දැරියක් වසර 18කට පසු හමුවී තිබෙනවා. ඒ, දකුණු කැරොලිනා ප‍්‍රාන්තයේදීයි.

1998 වසරේදී පැහැර ගන්නා ලද කමියා මොබ්ලි නමැති මෙම දැරිය පිළිබඳ ලැබුණු තොරතුරක් අනුව ඇය සොයා පොලිසිය පරීක්ෂණ ක‍්‍රියාත්මක කර ඇති බවයි බී බී සී ලෝක සේවය පවසන්නේ.

දැරිය පැහැර ගැනීම සම්බන්ධයෙන් පනස් එක් හැවිරිදි කාන්තාවකට එරෙහිව නඩු පැවරීමට ද කටයුතු කර තිබෙනවා. ජැක්සන්විල් නගර බලධාරීන් සඳහන් කර ඇත්තේ ඩී එන් ඒ පරීක්ෂණ මගින් මෙම දැරියගේ අනන්‍යතාව තහවුරු කර ගත් බවයි.

මේ වනවිට දහඅට වැනි වියේ පසුවන ඇය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බව ද බලධාරීන් සඳහන් කර තිබෙනවා.

_93563748_pairof _93570051_db4e5fb7-25f4-4e23-98ed-772f159c0df3