Tuesday, April 23, 2024

General line - 0115112241

තවත් සංක්‍රමණිකයින් පිරිසක් රැගත් යාත්‍රාවක් අනතුරට




සංක‍්‍රමණිකයින් පිරිසක් රැගෙන යුරෝපයට පැමිණෙමින් තිබූ තවත් යාත‍්‍රාවක් මධ්‍යදරණී මුහුදේ දී අනතුරට ලක්ව තිබෙනවා.

සිද්ධියෙන් අතුරුදන් වී ඇතැයි සැලකෙන සංඛ්‍යාව 100 ක්. ලිබියාවේ සිට මෙම යාත‍්‍රාව පැමිණ ඇති බවටයි සැලකෙන්නේ.

ඉතාලි වෙරළාරක්ෂක නිලධාරීන්ගේ ද මැදිහත්වීමෙන් මේ වනවිට විශේෂ සෝදිසි මෙහෙයුමක් ද අදාළ මුහුදු කලාපය ආශ‍්‍රිතව ආරම්භ කර තිබෙනවා.

එහිදී පුද්ගලයින් අට දෙනෙකුගේ සිරුරු මේ වන විට සොයාගෙන ඇති බවයි විදෙස් මාධ්‍යයන්හි දැක්වෙන්නේ.

පුද්ගලයින් 4 දෙනෙකුගේ දිවි බේරා ගැණුනා. ඉකුත් සිකුරාදා දිනයේ ද යුරෝපයට සංක‍්‍රමනය වෙමින් සිටි 550 ක පිරිසක් ඉතාලි වෙරළාරක්ෂක නිලධාරීන් විසින් බේරාගනු ලැබුවා.