Friday, April 26, 2024

General line - 0115112241

ලෝක ක්‍රිකට් ඉතිහාසයට ලංකාව ලද පරාජය එක් වුණේ මෙහෙමයි




දකුණු අප‍්‍රිකාව සමග පැවති තරග 03 කින් යුත් ටෙස්ට් තරගාවලියෙන් ශ‍්‍රී ලංකාව පූර්ණ තරගාවලි පරාජයක් ලැබීමත් සමග නව වාර්තා කිහිපයක් බිහි වී තිබෙනවා.

තරගයේ තුන්වන දිනය වූ ඊයේ (14) පමණක් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 16 ක් බිඳ වැටුණා. එය ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ඉතිහාසයේ ටෙස්ට් තරගයක එක් දිනක් තුළ බිඳ වැටුණු වැඩිම කඩුලු සංඛ්‍යාවයි.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 20, මෙම ටෙස්ට් තරගයේ දී පන්දු 529 ක් තුළ බිඳ වැටුණා. එය ද ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ඉතිහාසයේ එක් ටෙස්ට් තරගයක් තුළ කඩුලු 20ම අඩුම පන්දු සංඛ්‍යාවකින් බිඳ වැටුණු සිව්වන අවස්ථාවයි.

මෙවර තරගාවලියේ දී ශ‍්‍රී ලංකා පිතිකරුවෙකු ලැබූ ඉහළම ලකුණු සංඛ්‍යාව වූයේ 59 ක්. මෙවැනි තත්වයක් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ඉතිහාසය තුළ ටෙස්ට් තරගාවලියකදී වාර්තා වූ පළමු අවස්ථාව ද මෙයයි.

මෙම ටෙස්ට් තරගයේ දී ශ‍්‍රී ලංකා පිලේ කඩුල්ලක් බිඳ වැටීමේ සාමාන්‍ය ලකුණු 18.8 ක්. එයද ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ඉතිහාසයේ ටෙස්ට් තරගයක කඩුලු බිඳ වැටුණු දෙවන අවම සාමාන්‍ය වනවා.

ටෙස්ට් තරග තුනකින් සමන්විත තරගාවලියක් පූර්ණ ලෙස ශ‍්‍රී ලංකාව පරාජයට පත් වූ පස්වන අවස්ථාව ලෙසටයි මෙය සැලකෙන්නේ.

ශ‍්‍රී ලංකාවට එරෙහි තුන්වන සහ අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගය ඉණිමකින් සහ ලකුණු 118 කින් ජය ගැනීමට දකුණු අප‍්‍රිකාව ඊයේ සමත් වුණා. එය ශ‍්‍රී ලංකාවට එරෙහිව දකුණු අප‍්‍රිකාව ලද තුන්වන ඉහළම ජයග‍්‍රහණයයි.