Friday, April 19, 2024

General line - 0115112241

බ්‍රසීලයේ බන්ධනාගාරයක් රැඳවුවන්ගේ ග්‍රහණයට




බ‍්‍රසීලයේ බන්ධනාගාරයක් එහි රැඳවුවන් විසින් අත්පත් කරගෙන තිබෙනවා. රැඳවුවන් විසින් මෙලෙස අත්පත් කරගෙන ඇත්තේ ග‍්‍රෑන්ඬේ දෝ නෝර්ටේ ප‍්‍රදේශයේ පිහිටි අල්කේකස් බන්ධනාගාරයයි.

ආරම්භයේදී ප‍්‍රතිවාදී රැඳවුවන් දෙපිරිසක් අතර ගැටුමක් ඇතිවී තිබෙනවා. රැඳවුවන් දස දෙනෙකුට වැඩි පිරිසක් එහිදී මියගොස් ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

අනතුරුව රැඳවුවන් විසින් බන්ධනාගාර නිලධාරීන්ටද පහරදී බන්ධනාගාරය අත්පත්කර ගෙන තිබෙනවා.

මේ වන විට බ‍්‍රසීල කැරළි මර්දන පොලීසිය එම බන්ධනාගාරය රැඳවුවන්ගෙන් මුදා ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.

මෙම මාසය තුළ පමණක් බ‍්‍රසීලයේ බන්ධනාගාරවල ඇති වූ 3 වන කැරැල්ලද මෙය වනවා.