Friday, April 19, 2024

General line - 0115112241

ෆේස්බුක් මිතුරු පිරිසක් පාසලකට ගොඩනැගිල්ලක් තනා දෙයි (PHOTOS)




ෆේස්බුක් මිතුරු මිතුරියන් පිරිසක් එක් වී පාසලක් වෙනුවෙන් ගොඩනැගිල්ලක් තනාදුන් පුවතක් කැකිරාව පලාගල ප‍්‍රදේශයෙන් වාර්තා වනවා. මෙම ප‍්‍රතිලාභය ලැබී ඇත්තේ තෙලදින්නන්වැව විද්‍යාලයටයි.

තෙලදින්නන්වැව විද්‍යාලයේ දරු දැරියන් ටකරන් සෙවිලි කළ මඩුවක අඩු පහසුකම් යටතේ ඉගෙන ගන්නා ආකාරය දැක්වෙන ඡායාරූපයක් ඉකුත් දිනෙක ෆේස්බුක් වෙබ් අඩවියේ හුවමාරු වී තිබෙනවා. එය දුටු අයෙකු සිය ෆේස්බුක් මිතුරු මිතුරියන්ට ආරාධනා කර ඇත්තේ එම දරු දැරියන්ට කිසියම් උපකාරයක් කිරීමට එකතු වන ලෙසයි.

ඒ අනුව කිහිප දෙනෙකු තෙලදින්නන්වැව විද්‍යාලයට ගොස් දරු දැරියන්ට අධ්‍යාපන උපකරණ බෙදා දී තිබෙනවා. එහි ඡායාරූප ද ෆේස්බුක් වෙබ් අඩවියේ හුවමාරු වී ඇති අතර ඉන් දිරිමත් වූ තවත් ෆේස්බුක් මිතුරු මිතුරියන් පිරිසක් පසුව මෙම සමාජ සත්කාරයට එක් වී ඇති බවයි වාර්තා වුණේ.

ඔවුන් සියලු දෙනා වඩාත් සංවිධානගත වී තෙලදින්නන්වැව විද්‍යාලයට ගොඩනැගිල්ලක් ඉදිකර දී තිබෙනවා. එම ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කර ඇත්තේ ඉකුත් 14 වනදායි.

කෙසේ වෙතත් ගොඩනැගිල්ල විවෘත කරන දිනට පෙර මෙම සමාජ සත්කාරයට මුලපිරූ තැනැත්තා හදිසි අනතුරකින් මියගොස් තිබෙනවා.

ඒ අනුව ඉදිකෙරුණු ගොඩනැගිල්ල ඔහුගේ නමින් නම් කිරීමටයි සමාජ සත්කාරයට එක් වූ ෆේස්බුක් මිතුරු මිතුරියන් තීරණය කර ඇත්තේ.

news www.nethnews.lk001 news www.nethnews.lk002 news www.nethnews.lk003 news www.nethnews.lk004 news www.nethnews.lk005 news www.nethnews.lk006