Friday, March 29, 2024

General line - 0115112241

වැසි ඉල්ලා කිලිනොච්චියේ දේව පූජාවක්




වැසි ඉල්ලා කිලිනොච්චිය ගොවි ජනතාව ඉරණමඩු ජලාශය අසළ පිහිටි කනගඅම්බිගෙයි කෝවිලේ දී දේව පූජාවක් පවත්වා තිබෙනවා.

නියඟය හේතුවෙන් එම ප‍්‍රදේශයේ ගොවි ජනතාව ද මේ වනවිට පීඩාවට පත්ව සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

ඉරණමඩු ජලාශයේ ජල මට්ටමද ශීඝ‍්‍රයෙන් පහත බැස තිබෙනවා. මේ හේතුවෙන් සිය කුඹුරු ඉඩම්වලට ජලය ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවයි කිලිනොච්චියේ ගොවීන් පවසන්නේ.

ඒ අනුව කනගඅම්බිගෙයි කෝවිලේ දී වැසි ඉල්ලා විශේෂ කිරි ඉතිරවීම් මංගල්‍යයක් සහ දෙවියන් උදෙසා පූජාවක් ද සිදු කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

කිරි මුට්ටි 97ක් යොදා ගනිමින් කිරි ඉතිරවීම සිදු කර තිබෙනවා. හින්දු චාරිත‍්‍රවලට අනුව දේව පූජාව පැවැත්වීමෙන් පසු කුඩ ඉහළාගත් ගොවීන් ඉරණමඩු ජලාශය වෙත ගොස් දේව කන්නලව්වක් ද සිදු කළා.

එම අවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. ශ‍්‍රී ධරන් සහ උතුරු පළාතේ සභාවේ මන්ත‍්‍රීවරුන් පිරිසක් ද එක්ව සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

news www.nethnews.lk001 news www.nethnews.lk002 news www.nethnews.lk003 news www.nethnews.lk004 news www.nethnews.lk005 news www.nethnews.lk006 news www.nethnews.lk007 news www.nethnews.lk008