Wednesday, April 24, 2024

General line - 0115112241

ක්‍රිකට් පිටියේ තවත් ක්‍රීඩකයෙක් මාරාන්තික අනතුරකට (VIDEO)




නවසීලන්තය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගය අතරතුර දී පන්දුවක් හිසේ වැදීම නිසා බංග්ලාදේශ ක‍්‍රිකට් නායක මුස්ෆිකර් රහීම් රෝහල්ගත කර තිබෙනවා.

නවසීලන්ත වේග පන්දු යවන ක‍්‍රීඩක ටිම් සව්ති යැවූ බවුන්සර් පන්දුවක්, පන්දුවට පහරදෙමින් සිටි මුස්ෆිකර් රහීම්ගේ හිස පිටුපස ප‍්‍රදේශයේ වැදී ඇති බවයි ක‍්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය සඳහන් කළේ.

කෙසේ වෙතත් ආරක්ෂිත හිස් වැසුම නිසා ඔහුගේ ජීවිතයට හානියක් සිදුව නැහැ.

වෙලින්ටන් නුවර රෝහලකට ඇතුළත් කෙරුණු මුස්ෆිකර් රහීම් මෙහිදී එක්ස් කිරණ පරීක්ෂාවකට සහ ස්කෑන් පරීක්ෂාවකට ද ලක් කෙරුණා.

කෙසේ වෙතත් ඔහුගේ තත්වය බරපතල නොවන බවයි නවසීලන්තයෙන් ලැබෙන වාර්තාවල දැක්වෙන්නේ.

3C2966C000000578-4123192-image-a-11_1484527999110

Bangladesh's Mushfiqur Rahim is checked by New Zealand's Tom Latham (L), Tim Southee (C) and Neil Wagner (R) after Rahim was hit in the head during day five of the first international Test cricket match between New Zealand and Bangladesh at the Basin Reserve in Wellington on January 16, 2017.  / AFP / Marty Melville        (Photo credit should read MARTY MELVILLE/AFP/Getty Images)

257737 257738