Saturday, April 20, 2024

General line - 0115112241

කැලෑ මහත්තුරු මහ රෑ අල්ලස් ගද්දි අතටම අහුවුන හැටි




මුලතිව් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගෙන් රුපියල් 50000ක අල්ලස් මුදලක් ලබාගත් අඩවි වන නිලධාරියෙකු සහ ක්ෂේත්‍ර නිලධාරියෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහි විමර්ශණ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතාගෙන් මෙහෙමයවීමෙන් සැකකරුවන් දෙදෙනා ඊයේ (14) රාත්‍රී අත්අඩංගුවට ගත් බවයි කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

වැලි සහ බොරලු ගබඩා කර ගැනීම සඳහා මුලතිව් තුලාමුරිප්පු ප්‍රදේශයේ ඉඩමකට බලපත්‍රයක් නිකුත් කිරීම වෙනුවෙන් අදාළ නිලධාරීන් දෙදෙනා මෙම අල්ලස් මුදල ලබාගෙන තිබුණා.