Friday, March 29, 2024

General line - 0115112241

තුන්දහසක් අතරින් 10 වැනි තැන දිනයි




ඉන්දියාවේ මුම්බායි නුවර පැවති විවෘත මැරතන් තරගාවලියේ කාන්තා ඉසව්වේ 10 වන ස්ථානය දිනා ගැනීමට ශ‍්‍රී ලංකාව නියෝජනය කළ නිලූකා ගීතානි රාජසේකර සමත් වුණා.

ඒ, පැය 03 යි විනාඩි 03 යි තත්ත්පර 43 ක දක්ෂතාවක් වාර්තා කරමින්.

මුම්බායි විවෘත මැරතන් තරගය සඳහා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තුන් දහසක් සහභාගි වූ අතර එහි කාන්තා ඉසව්වේ ප‍්‍රථම ස්ථානය දිනා ගත්තේ ඉතියෝපියානු ක‍්‍රීඩිකාවක්.

ශ‍්‍රී ලංකා කාන්තා මැරතන් වාර්තාවට හිමිකම් කියන නිලූකා රාජසේකර ඉකුත් රියෝ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙළේදී ද  ශ‍්‍රී ලංකාව නියෝජනය කළා.

16111319_10211936349510429_1050255802_n 16111685_10211936349670433_713557093_n 16118363_10211936349710434_1747462858_n