Friday, April 19, 2024

General line - 0115112241

දකුණු අප‍්‍රිකාවේදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පොඩ්ඩන් ජයපැන් බොයි




දකුණු අපි‍්‍රකාවේ පැවැත්වෙන යොවුන් තුන්කොන් ක‍්‍රිකට් තරගාවලියේ සිය පළමු ජයග‍්‍රහණය වාර්තා කිරීමට ශී‍්‍ර ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ඊයේ (16) සමත් වුණා. ඒ සිම්බාබ්වේ යොවුන් කණ්ඩායම කඩුලු 8කින් පරාජය කරමින්.

පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ යොවුන් කණ්ඩායම මෙහිදී ලකුණු 66කට සීමා කිරීමට ශී‍්‍ර ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ නිපුන් රන්සික ලකුණු 25කට කඩුලු 4ක් දවා ගනිමින් දස්කම් දැක්වූවා.

පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ ශ‍්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2කට ලකුණු 67ක් වාර්තා කරමින් තරගයේ ජය වාර්තා කළා. ඒ, පන්දුවාර 12යි පන්දු 5ක් තුළදීයි.

නායක අවිශ්ක ප‍්‍රනාන්දු නොදැවී ලකුණු 27ක් රැස් කළා. මෙම තරගාවලියේ ශී‍්‍ර ලංකාව සහභාගි වූ පළමු තරගයේදී ඔවුන් දකුණු අපි‍්‍රකාව හමුවේ ලකුණු 128කින් පරාජයට පත් වුණා.

SL Vs Zim youth-1 SL Vs Zim youth-2