Saturday, April 20, 2024

General line - 0115112241

සපුගස්කන්දත් සාලාවක් වෙයිද ?




ඛනිජ තෙල් නීති ගත සංස්ථාවට අයත් සපුගස්කන්ද තෙලිපිරිපහදුව දැඩි අවදානම් තත්වයක පවතින බව වෘත්තීය සමිති පෙන්වා දෙනවා. ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රංවල මහතා ප‍්‍රකාශ කළේ පිරිපහදුවෙන් විෂ වායු පරිසරයට මිශ‍්‍ර වීමේ අවදානමක් පවතින බවයි.

මේ නිසා තෙල් පිරිපහදුව අවට ප‍්‍රදේශ රැසක ජනතාවගේ ජීවිත අවදානමට ලක්ව ඇති බවයි එ් මහතා පෙන්වා දුන්නේ.

මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් නෙත් නිවුස් ඛනිජ තෙල් හා ප්‍රෙටෝලියම් වායු පිළිබඳ අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතාගෙන් විමසීමක් කළා.

ඔහු සඳහන් කළේ මෙහි අලුත්වැඩියා කටයුතු සඳහා මේ වන විට ක්‍රමවේද සකස් කරමින් පවතින බවයි. ඉදිරියේදී එම කටයුතු ආරම්භ වන බවත් මෙය මෙතෙක් ලංකාවේ සිදුකළ විශාලම සංවර්ධන ව්‍යාපෘතිය බවට පත්වනු ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කොට සිටියා.