Friday, March 29, 2024

General line - 0115112241

පන්දුව හිසේ වැදුණු බංග්ලාදේශ ක‍්‍රිකට් නායකයා රෝහලෙන් පිටව යයි




නවසීලන්තයේදී පන්දුවක් හිසේ වැදීමෙන් රෝහල්ගත කෙරුණු බංග්ලාදේශ ක‍්‍රිකට් නායක මුස්ෆිකර් රහීම් ප‍්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

නිව්සීලන්ඞ් හෙරල්ඞ් වෙබ් අඩවිය සඳහන් කළේ මෙහිදී රහීම්ට එක්ස් කිරණ පරීක්ෂාවක් සහ ස්කෑන් පරීක්ෂාවක් ද සිදුකර ඇති බවයි.

ඔහු මෙම අනතුරට ලක්වූයේ නවසීලන්ත කණ්ඩායම සමග වෙලින්ටන් නුවර ඊයේ නිමා වූ පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගය අතරතුරයි. එහිදී ටිම් සවුති යැවූ බවුන්සර් පන්දුවක් මුස්ෆිකර් රහීම්ගේ හිසේ වැදීමත් සමග ඔහු රෝහල්ගත කෙරුණා.

රෝහලෙන් නික්ම යාමට පෙර මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මුස්ෆිකර් රහීම් සඳහන් කළේ තමන්ගේ තත්ත්වය දැන් සුව අතට පත්ව ඇති බවයි.

කෙසේ වෙතත් යුහුසුළුව කි‍්‍රයාත්මක නොවූයේ නම් තත්ත්වය බරපතළ වීමට ඉඩ තිබූ බවයි ඔහු සඳහන් කළේ.