Friday, April 19, 2024

General line - 0115112241

තෙල් පිරිපහදුවේ රැකියා ඉල්ලා බියගම වැසියන් වීදි බසී




බියගම ප‍්‍රදේශයේ ජනතාව අද (17) විරෝධතාවක නිරත වුණා. ඒ, සපුගස්කන්ද තෙල් පිරිපහදුවට පිරිස් බඳවා ගැනීමේදී තම ප‍්‍රදේශවල ජනතාවට සාධාරණයක් ඉටු නොකරන බව පවසමින්.

විරෝධතාකරුවන් චෝදනා කළේ විෂය භාර අමාත්‍ය චන්දිම වීරක්කොඩි සහ ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා සාධාරණ නොවන අයුරින් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ රැකියා සඳහා පුද්ගලයින් බඳවාගෙන ඇති බවයි.

මෙම විරෝධතාව පැවැත්වෙන ස්ථානයට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන ද පැමිණියා. එහිදී ගැටලුවට විසඳුම් ලබාදෙන බවට ඔහු පොරොන්දුවක් ද ලබාදුන් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

news www.nethnews.lk001 news www.nethnews.lk002 news www.nethnews.lk003 news www.nethnews.lk004 news www.nethnews.lk005 news www.nethnews.lk006