Friday, April 19, 2024

General line - 0115112241

ලංගම සහ පෞද්ගලික බස් රියදුරන් ගුටි ඇන ගනී




උතුරු පළාතේ ධාවනය වන ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථ නව බස්නැවතුම්පල වෙත රැගෙන නොයෑම හා පැරණි ලංගම බස්නැවතුම්පල ඉදිරිපිට සිට පෞද්ගලික බස්රථ නවතා මගීන් රැගෙන යෑමට ලංගම බස්රථ රියදුරන් බාධා කිරීමට එරෙහිව පෞද්ගලික බස්රථ රියදුරන් වවුනියාව පැරණි ලංගම බස්නැවතුම්පල ඉදිරිපිට අද (17) ආරම්භ කළ විරෝධතාවයත් සමග දෙපිරිස අතර දැඩි නොසන්සුන්කාරී තත්වයක් හට ගැනුණා.

විරෝධතාවයේ නිරත පෞද්ගලික බස් රියදුරන් උතුරු පළාතේ ධාවනය වන ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස්රථවලට මගීන් රැගෙන යෑමට ඉඩ නොදී යාපනය නුවර ඒ 09 මාර්ගය එක් මන්තීරුවක් අවහිර කරමින් විරෝධතාවය දැක්වුවා.

විරෝධතාවය අතරවාරයේ පෞද්ගලික බස්රථ රියදුරන් විසින් ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථවලට යතුරු පැදි හිස්වැසුම් යොදා ගනිමින් පහරදීම සිදුකළ අතර එහිදී බස්රථ දෙකකට හානි සිදුවූ බව වවුනියාව පොලිසිය පැවසුවා.

ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථවලට ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් ලංකා ගමනගමන මණ්ඩලයේ රියදුරන් හා කොන්දොස්තරවරුන් යාපනය නුවර ඒ නවය මාර්ගයේ අනෙක් පස මංතීරුව බස්රථ යොදාගනිමින් අවහිර කරමින් විරෝධතාවය දැක්වුවා.

විරෝධතාවය හේතුවෙන් යාපනය නුවර ඒ09 මාර්ගයේ පැය දෙකකට ආසන්න කාලයක් රථවාහන ධාවනයට බාධා එල්ලවූණා.

පෞද්ගලික බස්රථ රියදුරන් හා ලංගම බස්රථ රියදුරන්ගේ විරෝධතාවයත් සමග දෙපාර්ශ්වය අතර ගැටුමක් ද හටගත් අතර එහිදී රියදුරන් කිහිපදෙනෙකුට සුළු තුවාල සිදු වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

DSC_1440 DSC_1455 DSC_1461 DSC_1470 DSC_1476 DSC_1492 DSC_1494 DSC_1506 DSC_1507 DSC_1508 DSC_1513 DSC_1523 DSC_1540 DSC_1544 DSC_1550