Wednesday, April 24, 2024

General line - 0115112241

දිස්ති‍්‍රක්ක 08ක කොට්ඨාස 60ක ඩෙංගු තවාන්




දිවයිනේ දිස්ති‍්‍රක්ක අටක, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස හැටකින් ඩෙංගු රොගීන් වැඩි වශයෙන් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කළේ කොලොන්නාව, කඩුවෙල, දෙහිවල ගල්කිස්ස මහන නගර සභා සීමාවලින් ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන බවයි.

ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩසටහනේ 3 වැනි දිනය අදයි. ගත වූ දින දෙකේදී පමණක් මදුරුවන් බෝවන පරිදි පරිශ‍්‍ර පවත්වාගෙන ගිය පුද්ගලයින් 1135කට නඩු පැවරූ බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවා. එහිදී පරීක්ෂාවට ලක් කළ පරිශ‍්‍ර සංඛ්‍යාව 63,595ක්. එහිදී මදුරු කීටයන් සහිත පරිශ‍්‍ර 1580ක් හඳුනාගෙන තිබෙනවා. ඩෙංගු මදුරුවන් බෝ වන ආකාරයෙන් පරිශ‍්‍ර පවත්වාගෙන ගිය පුද්ගලයින් 2847 දෙනෙකු නොතිසී නිකුත් කිරීමටද පියවර ගත් බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ.

මේ අතර ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පිළිගත් ක‍්‍රමවේද 3ක් පවතින බවයි වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කළේ.