Thursday, April 25, 2024

General line - 0115112241

මුදල් ඇමති විදේශිකයන්ට ඉඩම් ගන්න පහසු කරනවලු




ශී‍්‍ර ලංකාවේ ඉඩම් අත්පත් කර ගැනීම විදේශිකයන්ට තවත් පහසු කරමින් සිදු කිරීමට යන නීති සංශෝධනයක් සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‍ෂය අද (17) අනාවරණයක් කළා.

ඒ පිළිබද කරුණු දක්වන පාර්ලිමේන්තු මන්තී‍්‍ර බන්දුල ගුණවර්ධන සඳහන් කළේ ඉඩම් අයිතිය සීමා කිරීමේ සංශෝධන පනතට සංශෝධනයක් මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර තිබෙන බවයි.

එහිදී ඔහු පැවසුවේ “මේ පනත මගින් කරන්නේ විදේශිකයෙකුට හෝ සියයට පනහකට වඩා විදේශීය ප්‍රාග්ධනය සහිත විදේශීය සමාගමකට, විජාතිකයෙකුට ඉඩම් බද්දට දීමේ ගිවිසුමක් අත්සන් කරන විට ඉඩම් බදුකරණය සඳහා වන බද්ධ සම්පූර්ණයෙන් අහෝසි කරනවා.” යනුවෙනි.

ඒකාබද්ධ විපක්‍ෂය කොළඹ අද (17) පැවැත්වූ මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කෙරුණා.