Wednesday, April 17, 2024

General line - 0115112241

ලොව විශාලතම කි‍්‍රකට් කී‍්‍රඩාංගණය ඉදිකිරීමට ඉන්දියාව සූදානම්




ලොව විශාලතම කි‍්‍රකට් කී‍්‍රඩාංගණය ඉදිකිරීමට ඉන්දියාව සූදානම් වනවා. ගුජරාට් කි‍්‍රකට් සංගමය විසින් මේ වන විටත් අහමදාබාද් හි මොට්රා ප‍්‍රදේශයේ මෙහි ඉදිකිරීම් ආරම්භ කර ඇති බවයි ද හින්දු පුවත් පත සඳහන් කළේ.

අක්කර 63ක භූමි ප‍්‍රමාණයක ඉදිවෙන මෙම කී‍්‍රඩාංගණයේ පේ‍්‍රක්ෂකයින් එක්ලක්ෂ දස දහසකට තරග නැරඹීමේ පහසුකම් පවතිනවා. මෝටර් රථ තුන් දහසක් , ති‍්‍රරෝද රථ සහ යතුරු පැදි දස දහසක් ගාල් කිරීමේ පසුකම් පවතින විශාල රථ ගාලකින්ද මෙම කී‍්‍රඩාංගණය සමන්විතයි. ඉදිකිරීම් සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 100ක්.

කී‍්‍රඩා සංකීර්ණයක් ලෙස ඉදිකරන මෙම කී‍්‍රඩාංගණය ඔලිම්පික් තරගාවලි සදහා යොදා ගැනෙන විශාල පිහිනුම් තටාකයකින්ද සමන්විත වනවා. වසර දෙකකින් මෙම කී‍්‍රඩාංගණයේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට නියමිතයි. වර්තමානයේ ලොව විශාලතම කි‍්‍රකට් කී‍්‍රඩාංගණය ලෙස සැලකෙන්නේ ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් ක‍්‍රිකට් කී‍්‍රඩාංගණයයි. එහි පේ‍්‍රක්ෂකයින් ලක්ෂයකට තරග නැරඹීමේ පහසුකම් පවතිනවා.

01  03

02