Saturday, April 20, 2024

General line - 0115112241

උදයංග අත්අඩංගුවට ගන්න සැරසෙයි




රුසියාවේ හිටපු ශී‍්‍ර ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කරන්නැයි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියගෙන් අද (15) ඉල්ලා සිටියා.

ජාත්‍යන්තර පොලීසිය හරහා මෙම වරෙන්තුව නිකුත් කරන ලෙසටයි ඉල්ලා ඇත්තේ.

ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී සිදු වූ වංචා සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා මෙම වරෙන්තු නිකුත් කරන ලෙස පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

b6ed0bed0b3a13b468b462734e95691c_XL

………………………………………………………………………

උදයංග වීරතුංග මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා තායිලන්තයේ සංචාරය කළ අවස්ථාවේදී තායිලන්තයේදී මහින්ද රාජපක්ෂ මහතා සමග සිටින ජායාරූප පළවී තිබූ අයුරු

z_p-05-mr-01