Friday, April 19, 2024

General line - 0115112241

හැටන් ගිය හොර සිගරට්




නීතිවිරෝධීව මෙරටට ආනයනය කරන ලද දුම්වැටි තොගයක් සමග සැකකරුවෙකු හැටන් ප‍්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ සැකකරු විසින් එම දුම්වැටිවලින් කොටසක් ප‍්‍රදේශයේ වෙළදසැල් කිහිපයකටද බෙදාහැර තිබූ බවයි.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී නීතිවිරෝධී දුම්වැටි හත්සියයකට ආසන්න ප‍්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. සැකකරු හැටන් මහේස්ත‍්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

Hatton Ciga www.nethnews.lk001 Hatton Ciga www.nethnews.lk002