Thursday, April 25, 2024

General line - 0115112241

ඩිල්ෂාන් යළිත් පිටියට…




හොංකොංහි පැවැත්වෙන පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලියක් සදහා තිලකරත්න ඩිල්ෂාන් ගිවිසුම් අත්සන් කර තිබෙනවා. ඔහු එහිදී නියෝජනය කිරීමට නියමිතව ඇත්තේ සිටි කයිටාක් කණ්ඩායමයි. තිලකරත්න ඩිල්ෂාන් මෙම තරගාවලියට එක්වන දෙවන ශී‍්‍ර ලාංකික කී‍්‍රඩකයා වනවා.

කුමාර් සංගක්කාරද මෙම තරගවලට සහභාගි වන අතර එහිදී ඔහු නියෝජනය කරන්නේ ග්ලැක්සි ග්ලැඩියෙටර්ස් කණ්ඩායමයි. පාකිස්තාන තුන්ඉරියව් කී‍්‍රඩක සහිඞ් අෆ්රිඩි සහ බටහිර ඉන්දීය කොදෙව් තුන්ඉරියව් කී‍්‍රඩක ඩැරන් සැමීද හොංකොං පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගවලට සහභාගි වනවා. එම තරගාවලිය ලබන මාර්තු 8 වනදා ආරම්භවීමට නියමිතයි.