Thursday, April 18, 2024

General line - 0115112241

රතන හිමි සමග ඇමති රාජිතත් එක් වෙයි




පාර්ලිමේන්තුවේදී ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කළ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඉදිරියේදී ආරම්භ කරන බව කියන නව බලවේගයට තමන්ද එක්වන බව අමාත්‍ය රාජිත සේනාරත්න අද (18) ප‍්‍රකාශ කළා.

අමාත්‍යවරයා ඒ බව ප‍්‍රකාශ කළේ කැබිනට් තීරණ දැනුම් දීම සඳහා පැවැත්වූ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ “ආණ්ඩුවේ යම් යම් දුර්වලකම් තියෙනවා.. එක දවසින් යහපාලනය හම්බවෙන්නේ නැහැ. එහෙම මෝඩ සිතුවිලිවල අපි හිටියෙත් නැහැ. රතන හිමි හදන සංවිධානය බොහොම හොඳ එකක්. මමත් එනවා ඒකට. අපි දෙන්නා ගැලපෙන්නැති තත්ත්වයක් තිබුණා.. නමුත් ඒවා අයිං කර ගත්තා.” යනුවෙනි.